More

    ඇගවල් අල්ලලා පරීක්ෂා කරන්නේ ඇයි ? බෝම්බ ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ දැනුම්දීලද ? (වීඩියෝ)

    Must read

    පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් රැගෙන එන බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති නිසාදැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී විමසුවා.

    “පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් යැයි  කියා අපගේ මේසය මත ලියැවිල්ලක් තබා ඇති බවත්, ආරක්ෂාව වැඩි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ ශරීරය පරික්ෂා කරන බව එහි සඳහන්ව ඇති බවත් ඔහු පැවැසුවා.

    මෙහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ ආරක්ෂාව සඳහා කතානායකතුමා මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි. එමෙන්ම ෆොන්සේකා මහතා කළ කරුණු දැක්වීම ඉතා වැදගත් බවද සභානායකවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව