More

    දැඩි කොන්දේසි – එකග නොවුණොත් ආණ්ඩුව වට්ටනවා.

    Must read

    ඉල්ලීම් ඉදිරිපත් කිරීම වෙනුවට ආණ්ඩුවට කොන්දේසි පනවමින් ඉදිරි වැඩපිළිවෙල සැලසුම්ක් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා මේ බව පැවැසුවේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

    ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒත් අපිට නිසි තැන මේ ආණ්ඩුව ලබාදීල නෑ. යැයිද ඔහු පැවැසුවා.

    පක්‍ෂයට අඩු සැලකිල්ලක් ලැබෙන බවත්, එම තත්ත්වය වෙනස් කරමින් නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බවද ඒ මහතා පැවැසුවා. ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට නිදහස් පක්ෂය පත් කරවන බවද නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවැසූ විජේලාල් මහතා අවධාරණය කළේ කිසිවකට කලබලයක්ද නොමැති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව