More

    අපිට දැන් මිනිස්සු අකමැතියි – ඒත් අතහරින් නෑ.

    Must read

    ආණ්ඩුවට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇතැයිද කොවිඩ් වසංගතය ඉන් ප්‍රධානම කාරණය බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොවිඩ් වසංගතයත් සමග රටේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල අවහිර වූ බවද ඔහු පෙන්වා දෙනවා.

    ප්‍රංශයේ පැරිස් නුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවේ නියෝජිත රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කර තිබුණා. එස රැස්වීම පැවැත්වුණේ ප්‍රංශයේ පැරිස් නුවර දීයී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වු විට අපේ රටේ දේශීය නිෂ්පාදනය විනාශ කළා. පසුගිය යහපාලනය කාලෙත් වුණේ ඒකමයි. මේ තත්ත්වය තුළ අපිට භාරගන්න වුණේ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක්. ඒ අතරතුර වසංගතය ඇවිත් රට වහන්න වුණා. ඒ තුළ ප්‍රශ්න වැඩි වුණා. අපිට තිබුණ ප්‍රධාන අදායම් මාර්ග වූ විදේශ රැකියා ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය, ඇගළුම් කර්මාන්තය සියල්ල කඩාගෙන වැටුණා.

    හැබැයි මොන ප්‍රශ්න තිබුණත් අපි කොවිඩ් වසංගතයෙන් අපේ ජනතාව මුදා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කළා. ඒ නිසයි අද  වසංගතය තරමක් හෝ පාලනය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. කොවිඩ් වංසගතය එනකොට යහපාලන ආණ්ඩුව එහෙම තිබුණානම් රටම විශාලාවක් බවට පත්වෙන්න තිබුණා.

    අද ආණ්ඩුවට කලින් තිබු තරම් ජන ප්‍රසාදයක් නැති බව අපි දන්නවා. හැබැයි අපිට මේ තත්ත්වයෙන් රට ගොඩගන්න තවත් වසර 03ක් තිබෙනවා. පවතින ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න පුළුවන් වත්මන් ආණ්ඩුවට පමණමයි. අපි දැනටමත් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම සදහා අවශ්‍ය තෙවැදෑරුම් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. කෙටි කාලින, මධ්‍ය කාලීන හා දිගු කාලින සැලසුම් යටතේ එම වැඩපිළිවෙල සැලසුම් කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව