More

    ආණ්ඩුවත් වළිගය නැති ගොනා වැනි – ගම්මන්පිල අමුවෙන්ම කියයි.

    Must read

    2022 වසරේදී ඩොලර් බිලියන 07 ක් ණය ගෙවීම සදහා සපයා ගත යුතුව ඇති බවත්, ඩොලර් හිගය හමුවේ ආණ්ඩුව බලවත් අර්බුදයක් වෙත යොමු වෙමින් තිබෙන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ජනතාවගේ ආර්ථික තත්ත්වයද අයහපත් තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන බව කී ගම්මන්පිල මහතා එම තත්ත්වය ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කළේ “දුප්පත්කමත් වළිගය නැති ගොනා වැනි” යන කවි පදය ගායනා කරමින්.

    සහල් මිල පවා පාලනය කිරීම අසීරු වි ඇති බවත්, සහල්, ගෑස්, සීනි මිල පාලනය කිරීමට නොහැකි වි ඇත්තේ ඩොලර් හිගය මත පදනම්වූ අර්බුදය නිසා බවද ඔහු කියා සිටියා.

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙවැනි අයහපත් තත්ත්වයකට මුණදීමට සිදුව ඇති බවයි අමැතිවරයා අද සිය අමාත්‍යංශයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පැවැසුවේ. සහල් මිල පාලනය කිරීමට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් ආනයනය කර වෙළදපොලට මුදා හැරිය යුතු බවද පසුගිය මහින්ද රාපක්ෂ ආණ්ඩුව සමයේ එලෙස සහල් මිල පාලනය කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මෙවරද එම ඇමැති ධූරයේ සිටියද ඩොලර් හිගය හේතුවෙන් එවැනි පාලනයක් සිදුකිරීමට අපොහොසත් වි ඇති බවද ඔහු පැවැසුවා.

    මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුවද “වලිගය නැති ගොනෙකුගේ” ස්වරූපයකට පත්ව ඇති බව ද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව