More

    භයානක තත්ත්වයක් – ‌මව්වරුන්ට විශේෂයි.

    Must read

    ගැබිනි මවුවරුන්ට තුන් වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව (බුස්ටර් එන්නත) ලබා දීමට බෝවන රෝග උපදේශක කමිටුව අනුමැතිය ලබා දී තිබෙනවා. ප්‍රසව සහ නාරි විශේෂඥ ‍වෛද්‍යවරුන්ගේ ආයතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා මේ බව පැවැසුවා.

    මෙම එන්නත් මාත්‍රාව ගැබිනි මවුවරුන්ට ලබාදෙන දිනයන් පිළිබඳ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනු ඇති.

    පසුගිය අගෝස්තු මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතව ගැබිනි මවුවරු හතළිස්පස්දෙනකු (45) ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් ‌කිසිවෙකු එන්නත ලබා නොසිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එන්නත ලබා ගත් කිසිදු ගැබිනි මවක් මිය ගොස් නැතැයිද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පෙන්වා දෙනවා.

    එසේම පසුගිය දිනවලට සාපේක්ෂව ගර්භණී මවුවරුන්ට කොරෝනා ආසාධනය වීම සහ මරණයට පත්වන ප්‍රමාණයේ වැඩිවීමක් වාර්තාවන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා සදහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ නැවත කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් සිදුවීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවයි. එබැවින් ගැබිනි මවුවරු සිය කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඔහු පැවැසුවා.

    වෛද්‍යවරු මව්වරුන්ට ලබාදෙන උපදේශය වන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිවරිය හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක වන ලෙසයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව