More

    ගහෙන් වැටුණු මිනිහට ගොනා අනියි – ඉන්දන මිල සියයට 27 න් ඉහළට ?

    Must read

    මා ලඟ තිබෙන තොරතුරු වලට අනුව නම් පසුගිය මාස පහේ දී තෙල් මිල වැඩි නොකළ ලොව එකම රට ලංකාවයි. එවැනි වෙනත් රටවල් තියෙනවා නම් කරුණාකරලා දැනුවත් කරන්න. පසුගිය මාස පහ තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 27% කින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අපි එහෙම වැඩි නොකළේ මේ රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා ජනතාව දැවැන්ත පීඩනයක සිටින නිසායි. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම සිදු නොකළ යුතුයි කියලා හිතපු නිසා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළේ.

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවැසුවේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

    නමුත් මේ පාඩුව දරනවා කියන්නේ මම වත් ජනාධිපතිතුමන් වත් ගෙදරින් ගෙනල්ලා මේ පාඩුව දරන්නේ නැහැ. අපි කරන්නේ ජනතාව මේ බර දැරීම කල් දැමීම පමණයි. මේ පාඩුව කවදාහරි ජනතාවට ම තමයි දරන්නට වෙන්නේ. ජනතාව මේ මොහොතේ පීඩනයෙන් සිටින නිසා අපි ඒක අනාගතයට තල්ලු කරලා තියෙනවා.

    මේ නොවැම්බර් මාසයේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් අමාත්‍ය තුමන්ට බාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයත් දෙනවද? ඉන්ධන මිල වැඩි කරනවද? නැතිනම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවාද? යන්න තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව