More

    ලෝකයේම අවදානය යොමු කරමින් නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා ක්‍රිකට් තරුවක් සමග විවාහ වෙයි (ඡායාරූප)

    Must read

    කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායි විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව, චාම් අයුරින් විවාහ මංගල්‍ය පැවැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ එංගලන්තයේ බර්මින්හැම් නුවරදීයී.

    සිය සහකරු ලෙස ඇය තෝරාගෙන ඇත්තේ පාකිස්තාු ජාතික අසර් මලික්.

    24 හැවිරිදි මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක වන අතර, ඇය මේ වන විට සිය මව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වන්නේ එංගලන්තයේයී. පාකිස්තානු ජාතික ඇය උපන්නේත් හැදී වැඩුණේත් පාකිස්තානයේ ස්වාත් නිම්නයේි.

    ජනතාව හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනි සිටි ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2012 වසරේදීයී. තලේබාන් ත්‍රස්තවාදීන්ට පවා එරෙහිව හඬ නැගූ ඇයට පසුකාලීනව තලේබාන් තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට පවා ඇය ලක්වුණා. බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ මැදිහත්වීම මතයි.

    මලාලාගේ අත ගත්තේ පාකිස්තාන සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික අසර් මලික්. ඔහු පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙසද රාජකාරි සිදුකරන අතර, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

    2019 ජුනි මාසයේ, බර්මින්හැම් එඩ්ගැස්ටොන් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරැඹීමට මලාලා ගොස් ඇති බවත්, එම තරගය පැවැති අවස්ථාවේ, අසර් මලික් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කළ සෙල්ෆි ඡායාරූපවල මලාලා ද සිටි බවත් පවසන විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයේ ආරම්භය විය හැකි බවයි.

    ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අසර් වේදිකා නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන ‘ඩ්‍රීම්ලයින්’ සමාගමේ සභාපති ධුරය හොබවමින් කටයුතු කරන බවටද වාර්තා පලවී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව