More

    දයාසිරි තවත් ලණුවක් අඹරයි – නිලධාරීන් දස දහස් ගුණයෙන් වංචා කරන බවත් කියයි.

    Must read

    දේශපාලකයින්ට සාපේක්ෂව දස දහස් ගණනින් හොරකම් කරන නිලධාරීන් සිටින බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සියළු හොරකම් රජය මත පැටවීම ඉතා අයහපත් තත්ත්වයක් වන බවයි.

    පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසුවා.

    ඇමැතිවරුත් පොඩ්ඩක් හොරකම් කරනවා ඇති. ඒත් ඊට වඩා දස දහස් ගුණයක් හොරකම් කරන ඇතැම් නිලධාරීන් ඉන්නවා. මං සමස්ථ නිලධාරීන්ට චෝදනා කරනවා නෙමෙයි. ඒත් මේ දේ කියන්න අවශ්‍යයයි.

    ඒ වගේම නිලධාරීන්ගේ අපැහැදිලි හා අකාර්යක්ෂම ‌ක්‍රියාවලිය රටේ සංවර්ධනය දැවැන්ත බාධාවක්. බදු මුදල් පවා හරියට ලැබෙන්නේ නැත්තේ ඇතැම් නිලධාරීන්ගේ අයහපත් කටයුතු නිසයි. එබැවින් මේ සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශණ සිදුවෙන්න අවශ්‍යයයි. ඒ සදහා කෝප් හා කෝපා යන කමිටු සදහා නිසි බලතල ලබාදෙන්න යැයි ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව