More

    තමා සහ රජය හරි නැත්නම් වෙනත් කණ්ඩායමක් සොයා ගන්න.

    Must read

    තමා සහ රජය මගින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු නොවන්නේ නම්, අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඔහු පෙන්වා දෙන්නේ එසේ වුවද නැවත පරණ කණ්ඩායමම බලයට ගෙන ඒමේ ක්‍රමය වෙනස් කළයුතුව ඇති බවි. අරලියගහ මන්දිරයේදී අ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.

    ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    “අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතනට පත් වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නෑ වගේ කතා කරනවා. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ නෑ කොහොමද ඒක කරන්නේ කියලා. අපි හොඳ දෙයක් කරනවා නම් ඒකට රට වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍යයි. විරුද්ධ පක්ෂයක් කියන්නේ ඒකයි. අපිට සංවර්ධනය කරන්න ආයෝජන කරන්න මුදල් නෑ. අපි පිටරටවල ආයෝජන ගේන්න අවශ්‍යයි. සෘජු විදේශ ආයෝජන නැතිව අපි වගේ රටකට යන්න පුළුවන් කමක් නෑ. අපිට වත්කමක් නෑ. මේ ආයෝජන කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමකුත් නෑ.”

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව