More

    කාන්තාව පොලිසියේ බලය අල්ලයි.

    Must read

    පොලිස් ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිති.

    අලුතින් විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසයි ඇය පත්කර තිබෙන්නේ. කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර තිබෙනවා.

    සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අයෙක්. දෙදරු මවකද වන ඇය
    හෙම්මාතගම ප්‍රදේශයේ උපන් තැනැත්තියක්. ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකද වනවා.

    මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මිය මෙරට ඉතිහාසයේ පළමු පොලිස් ස්ථානාධිපතිවරියයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව