More

    බුරුවා… බූරුවා… කුට්ටිආරච්චි ගම්මන්පිලට බැනවදියි.

    Must read

    ආණ්ඩුව වලිගය නැති ගොනෙකුට සමාන කරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ ආණ්ඩුවේම සිටින බූරුවෙකු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, මෙවැනි ප්‍රකාශ මගින් ආණ්ඩුවට ඇති ප්‍රසාධය හීන වී යන බවයි.

    ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවද මේ හේතුවෙන් භාණ්ඩ මිල පාලනය කිරීම අපහසුවී ඇති බවද ගම්මන්පිල මහතා පසුගියදා පැවැසුවා. ඔහු පෙන්වා දී තිබුණේ කොරෝනා තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි. කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ ආණ්ඩුව වලිගය නැති ගොනෙකුගේ තත්ත්වයට පත්ව ඇතැයිද උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

    ඇමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධිය උදෙසා සිදුකරන ප්‍රකාශ ලෙස තමන් සලකන බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කුට්ටිආරච්චි මහතා මේ බව පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව