More

    ගල විදපු තැන තත්ත්වය බරපතලයි – කඩුගන්නාව මතකයක් පමණක් වේදැයි සැකයක්.

    Must read

    මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ අනාරක්ෂිත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ කඩුගන්නාව ගල විදපු ස්ථානයේ නාය යාමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඊයේ පියවර ගත්තා.

    කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානම සහ ගතහැකි ක්‍රියාමාර්ග හදුනා ගැනීම සදහා අද දිනයේද පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන රැසකින් ඒ සදහා විශේෂඥයින් යොමුකර තිබෙනවා.

    විකල්ප මාර්ග,

    කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට/ කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගලින් ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට/ මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර සහ කටුගස්තොට හරහා මහනුවරට/ මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල – පේරාදෙණිය හරහා මහනුවරට/

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව