More

    නිදහස් පක්ෂ මූලස්ථානයේ තීරණාත්මක සාකච්ඡාවක් – පොදු සන්ධානයකුුත්බිහිවෙයි.

    Must read

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද ‌විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පොදු සන්ධානයක් බිහිකිරීමට අදාලවයි මෙම සාකච්ඡාව කැදවා තිබෙන්නේ. හිටපු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

    අද පැවැත්වෙන සාකච්ඡාව සදහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ හා කණ්ඩායම් 40 ක නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මේ අතර දැනටමත් රජය නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක සාමාජිකයින්ද අද සාකච්ඡාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවැසුවා. ඉදිරි තත්ත්වයන් මත පදනම්ව ශක්තිමත් දේශපාලන ක්‍රියාවලියක් සදහා මුල පුරන බවද එම ප්‍රකාශකයා පැවැසුවා.

    එමෙන්ම ඉදිරි කාලය තුළ මෙම පොදු සන්ධානයට පාර්ලිමේන්තුව නියෝජනය කරන කණෟඩායම් රැසක් එක්වීමට නියමිත බවටයි එම ප්‍රකාශකයා විශ්වාසය පලකළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව