More

    චීන පොහොරවල බැක්ටීරියා නෑලු – ‌තුන්වන පරීක්ෂණයේ වාර්තාව පිට ‌වෙයි.

    Must read

    ප‍්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර තිබෙනවා. Schutter Global Inspection and Survey Company නම් ආයතනය විසින් මෙම සහතිකය ලබාදී ඇති අතර, සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් චීන පොහොරවල අන්තර්ගතව නැති බව එමගින් තහවුරු කර තිබෙනවා.

    කෙසේ වෙතත් ජාතික ශාක නිරෝධායන ආයතනය තහවුරු කර තිබුණේ චින පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු වන බවයි. එහෙත් චීන සමාගම එම වාර්තාව පිළිනොගනිමින් දිගින් දිගටම කියා සිටියේ තම පොහොර බොහෝ රටවලට යොමු කරන බැවින්, එවැනි බැක්ටීරියා අඩංගු නැති බව ස්ථිර ලෙස පැවැසිය හැකි බවයි.

    ඒ අනුවයි තුන්වන පාර්ශවයක් යටතේ තවත් මේ පිළිබද පරීක්ෂණයක් සිදුකළේ.

    ඒ අනුව ශ්‍රී ලංකා මුහදේ මේ වන විටත් සැරිසරමින් සිටින අදාල පොහොර සහිත නෞකාව කොළඹ වරායට ඇතුළු කර ගැනීමට සිදුවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. නැව ආපසු හරවා යවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා දිගින් දිගටම පැවැසුවද ඉදිරියේ එම තීරණ වෙනස් වීමේ ස්වභාවයක් මේ වන විට නිර්මාණය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ජාතික ශාක නිරෝධායන ආයතනය මේ දක්වා සිය ස්ථාවරය ප්‍රකාශ කර නැහැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව