More

    හිරූ ඔයානම් මාරයි – සජිත් රහසින් කියයි.

    Must read

    ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහි දැවැන්ත විරෝධතාවක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සංවිධාන කර තිබුණා. ඒ මාළබේ දීයී.

    ඊට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ වත්මන් දුර්දාන්ත ආණ්ඩුව මේ මොහොතේදීත් පික්පොකට් ගසමින් සිටින බවයි. කොඩිවිනයක් වී ඇති පාලනයට තිත තබා, ජනහිතකාමී ජනතාවාදී පාලනයක් මේ රට තුළ බිහි කිරීමේ අරගලය සමගි ජන බලවේගය, පොදු ජනතාව සමග එක්ව ආරම්භ කරන බවද පැවැසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව බලපුළුවන්කාර රටවල සූදු පිටියක් බවට රට පත්කර ඇති බවයි.

    මේ අතර ‌ජනහමුව හා උද්ඝෝෂණය ඉතා සාර්ථකව සංවිධාන කිරීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පියවර ගෙන තිබුණා. විශාල පිරිසක් ඊට එක්ව සිටීම හා එහි තිබූ පිළිවෙල පිළිබද අගය කළ සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබද ඇයට ස්තූතිය පුදකළා. හිරෑ ඔයා ලස්සනට වැඩේ කළා. මාරයි.. යනුවෙන් එම අගයකිරීම ප්‍රේමදාස මහතා විසින් සිදුකළ බවටයි තොරතුරු වාර්තා වුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව