More

    සෙල්ලම් පිස්තෝලේ නැවතත් ක්‍රියාත්මකයි – හිමිකරුවන් පන්නා ඉඩම් කොල්ල කයි.

    Must read

    හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යන අය කොල්ලුපිටියේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනිමට වෑයම් කරමින් පිටින බවට තොරතුරු වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ මැර කල්ලියක් එවා තමන් ඇතුළු පිරිස ඉවතට ඇද දමා මරණීය තර්ජන සිදුකළ බවයි අදාල ඉඩමේ හිමිකරුවන් පැමිණිලි කර තිබෙන්නේ.

    මේ තත්ත්වය හේතුවෙන් ඊයේ සිට ගාලුමුවදොර පිටියේ රැදී සිටීමට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින්ට සිදුව ඇති බවද ඔහු පවසා තිබෙනවා. 200 කට අධික පිරිසක් යොදවා තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් ‌එළියට ඇදදැමූ බවයි එම ඉඩමේ හිමිකරු පවසා තිබෙන්නේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නගරාධීපති එරාජ් ප්‍රනාන්දු යන අය පැවැසුවේ තමන් ඉඩම අත්පත් කරගැනීමට කිසිදු උත්සාහයක් නොදැරූ බවයි. ඉඩමට ආරක්ෂාව ඉල්ලා කරන ලද දැනුම්දීමකට අනුව, තම ආරක්ෂක සේවයෙන් නිලධාරී කණෟඩායමක් පිටත්කර යැවූ බවද එරාජ් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

    කෙසේ වෙතත් ඉඩම් අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් එරාජ් ප්‍රනාන්දු යන අයට එල්ලවන පළමු චෝදනාව මෙයි නොවෙයි. මීට පෙරද අවස්ථා කීහිපයකදී ඔහු ඒ සම්බන්දයෙන්ව චෝදනා එල්ල වුණා. බම්බලපිටිය, ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති ගැනීම සම්බන්ධයෙන්ද මීට සති කිහිපයකට පෙර ඔහුට චෝදනා එල්ල වු අතර, ඊට අදාලව පොලිස් විමර්ශණයක්ද ක්‍රියාත්මක වුණා.

    එරජ් ප්‍රනාන්දු මහතා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සෙල්ලම් පිස්තොල් සිද්ධියත් සමගයි. 2014 වසරේ අප්‍රේල් 17 දින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල් මුල් වලින් පහරදීම හා සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්දයෙන් එල්ල වූ චෝදනා මත ඔහුට අධිකරණයෙන් දඩුවම්ද නියම වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව