More

    සහරාන් සිය නිවසේදී බුද්ධි අංශ එක්ක සාකච්ඡා කරලා – හරීන්ගෙන් රට කැළඹෙන හෙළිදරව්වක්.

    Must read

    2019 වසරේ ‌අප්‍රේල් 04 දා ගැලනිගම පිවිසුමේදි සැකකටයුතු ලොරි රථ දෙකක් පොලිස් භාරයට ගන්නා බවත්, පසුව ඒවා ඉහළ නියෝග මත නිදහස් කර ඇති බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරණය කාදිනල්තුමන්ද හොදින් දන්නා බවයි.

    ඒ ලොරි අයිති කාටද? …. යන්න පිළිබද වහාම පැහැදිලි කරන ලෙසද ඔහු මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් විරසේකර මහතාට අභීයෝග කළා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රන්න්දු මහතා,

    අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට ලොරි රථ නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා සිටියේ පාසිකුඩා හෝටලයක. ඒ බිල් ගෙව්වේ කවුද?

    සහරාන්ගේ නෝනා ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියන්න මං දන්නේ නෑ. ඒත් මං ඉල්ලනවා සහරාන්ගේ නෝනා ජනාධිපති කොමිෂමට ඉදිරිපත් කළ සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.

    ෆාතිමා සාධියා නැමැති ඇය කියලා තියෙනවා ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන්ගේ නිවසේදි සහරාන් සමග සාකච්ඡා සිදුකළ බව. මං කියන්නේ බොරු නම් ඇයි නිහඩව ඉන්නේ යනුවෙන්ද ඔහු ආණ්ඩුවට අභියෝග කළා.

    මට සැත්කම් දෙකක් කළා. සමහරු කියනවා මට යක්ෂ බන්ධන කරලයි කියලා. ඒත් මං ඒවට බය වෙන්නේ නෑ.

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ සාපය දැන් රටටම දැනිල ඉවරයි කියල විතරයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව