More

    නිරෝධායන නීති දැඩි වෙයි – ඒකරාශීවීම්වලට සීමා – නිසි බලධාරියාගේ නියෝග පිළිපදින්නැයි ජනතාවට උපදෙස්.

    Must read

    නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යංශය නව නියෝග කිහිපයක් නිකුත් කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

    ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇති.

    ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාවන් හෝ ඒ හා සමාන රැස්වී් පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.

    යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන්.

    සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව