More

    ගැසට්ටුවේ අරමුණ කොරෝනා පාලනයද ? විරෝධතා මැඩලීම ද?

    Must read

    රැස්වීම් පැවැත්වීමට සීමා පනවමින් නව ගැසට්ටුවක් ඊයේ රජය විසින් නිකුත් කළා. නිරෝධායන රෙගුලාසි මත පදනම්ව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. සීමා නොතකමින් විවිධ කටයුතු සදහා රැස්වීම එමගින් තහනම් කර ඇති අතර, එවැනි අවස්ථාවක ක්‍රියාත්මක වන ආකාරය පිළිබදද එමගින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

    කෙසේ වෙතත් විපක්ෂය විමසන්නේ ආණ්ඩුවට එරෙහි විරෝධතා මැඩලීම මෙම ගැසට්ටුවේ අරමුණ වී ඇති බවයි. ලබන 16 දා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් කොළඹදී පැවැත්වීමට සමගි ජනබලවේගය සියළු කටයුතු සංවිධාන කර ඇති පසුබිමක මෙවැනි ගැසට්ම නිවේදනයක් නිකුත් එම සැකයට හේතුවයි.

    එමෙන්ම මේ පිළිබද සාකච්ඡා කිරීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පාර්ලිමේන්තුවේදී කැදවා තිබෙනවා.

    කුමන තත්ත්වයක් යටතේ වුවද විරෝධතාව පැවැත්වීම විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි බලවේග නියෝජිතයින්ගේ අපේක්ෂාවයි. කෙස් වෙතත් ඔවුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව මෙම ගැසට්ටුව නිකුත් කළේ විරෝධතාව අඩපණ කිරීමේ අපේක්ෂාවෙන් බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව