More

    රණතුංග පවුල සියළු පක්ෂවල බලය අල්ලයි

    Must read

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරන පවුලක් බවට රණතුංග පවුල පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන අතර, ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ නගරයේ සංවිධාන කර තිබූ විරෝධතාවයකටද රුවන් රණතුංග මහතා සහභාගී වී ඇති අතර, ඉදිරියටද සිය දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග සිදුකිරීමටයි ඔහු තීරණය කර තිබෙන්නේ.

    එමෙන්න නිශාන්ත රණතුංග මහතා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් සමග කටයුතු කරන අතර, ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයාද අර්ජුන රණතුංග මහතා සමග දේශපාලන කටයුතු සිදුකරමින් සිටිනවා. මේ තත්ත්වය පුළුල්ව විමසා බැලීමේදී පැහැදිලි වන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ තම පවුලේ බලය ආරක්ෂා වන ආකාරයේ ස්වභාවයකි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව