More

    2021 ට සාපේක්ෂව වියදම අඩු අයවැයක් – සමස්ථ වියදම රු. බිලියන 2505 යි.

    Must read

    2022 වර්ෂය සඳහා වූ අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය කතාව ආරම්භ වන්නේ සවස 2.00 යි. ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලේඛණයයි මෙලෙස ඉදිරිපත් වන්නේ.

    2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස ගණනය කර තිබෙනවා. 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා. එය මෙවර අයවැයේ විශේෂ කාරණයක් ලෙස දැක්විය හැකියි.

    අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 දා ට යෙදි තිබෙනවා.

    මෙවර තවත් කාරණයක් වන්නේ සංග්‍රහ වියදම්ද සීමා කිරීමයි. අයවැය කථාව සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර ද පැවැත්වුණද එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව