More

    කෙහෙළියත් කළ කිරීමෙන්.

    Must read

    ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කළද එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වෙනුවට වෛද්‍ය සවීන් සේමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට පත් කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙන්නේ.

    යුද හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේද සවීන් ගමගේ මහතායි.

    එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ කටයුතු කළ වෛද්‍ය ඩී.එස් සමරසිංහ මහතා පත්කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා අංශ ගණනාවක ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුවයි මෙම පත්කිරී් සිදුකර තිබෙන්නේ.

    කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කෙහෙළිය රඹූක්වැල්ල මහතා කළකිරීමට පත්ව සිටින බවද පාර්ලිමේන්තු ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව