More

    යහපාලනය යළි සිහිකරන මිල සූත්‍රයක්.

    Must read

    රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් කඩිනමින් සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.

    ලෝක වෙළදපොලේ මිල ගණන් අනුව මෙරට ඉන්දන මිල තීරණය වන ආකාරයේ මිල සූත්‍රයක් අවශ්‍ය වන බවයි ‌මහබැංකුව පෙන්වා දී තිබෙන්නේ. ඉදිරි කාලයේදී ඉන්දන මිල තවදුරටත් ඉහල යනු ඇති බව මහබැංකුව පෙන්වා දෙන කාරණයයි. යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට පෙර ඒ සදහා ක්‍රමවත් වැඩපිළීවෙලක් හදුන්වාදිය යූතු බවත්, ඉන්ධන මිල අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නොවන බවත් මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.

    මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කර ඇති වාර්තාවක මේ බව දැක්වෙනවා. මිල සූත්‍රයක් හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳ ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවයි එම වාර්තාවෙන් පෙන්වා දි තිබෙන්නේ.

    එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ අවස්ථාවක එහි ප්‍රතිලාභ ක්ෂණිකව පාරිභෝගිකයාට ලබාදීමටද මෙමගින් අවස්ථාව උදාවනවා.

    පසුගිය යහපාලන සමයේදීද ඉන්දන සදහා මිල සූත්‍රයක් හදුන්වා දුන් අතර, ඊට එවකට විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව