More

    බලය බෙදන්න… ෆෙඩරල් ඉල්ලන්න… දෙමළ සන්ධානය ඇමරිකාවට යයි.

    Must read

    දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් අද ඇමරිකාව බලා පිටත්ව ගියා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව තමන් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් මහතා පැවැසුවේ.

    මෙම සංචාරයට සමගාමීව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග පුළුල් සාකච්ඡා වට කිහිපයක් සිදුවන බවත්, එහිදී ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ අවශ්‍යතාව පිළිබද කරුණු පැහැදිලි කරන බවද ඔහු පැවැසුවා. එහිදී විශේෂයෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවකට අනුව කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි ඔහු සදහන් කළේ.

    ෆෙඩරල් ව්‍යුහයන් මගින් ගැටුම් නිරාකරණය කිරීමට ඇති සුවිශේෂී හැකියාව පිළිබද මෙහිදි පුළුල් අධ්‍යයනයක් සිදුකරන බවද ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි ක්‍රමවේදයක ඇති අවශ්‍යතාව හා වැදගත්කම පිලිබද සාකච්ඡා කරන බවද සුමන්තිරම් මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව