More

    වැරදිකරුවන්ටත් නිදහස දෙන රටක, එක රටක් – එක නීතියක් ගැන කවර කතා ද?

    Must read

    එක රටක් එක නීතියක් වැනි කාර්ය සාධක බළකායක් රටට අනවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

    “එක රටක් – එක නීතියක්” වැනි කාර්ය සාධක බලකා පත්කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අපරාධ නීතියේ මූලික නීතිය දණ්ඩ නීති සංග්‍රහයයි. මේක හැදුවේ අපි නෙමෙයි සුද්දෝ.බ්‍රිතාන්‍ය විසින්. ඉන්දියාවෙත් එහෙමයි. ඒ තරම් පැරණි එකකින් තමයි මේ දක්වා අපරාධ නීතිය ක්‍රියාත්මක වුණේ.

    ඒ නිසා ‘එක රටක් – එක නීතියක්’ වෙන්න නම්, අධීකරණයට ගියාම නීතිය ඉදිරියේ ‌හැමෝම සමාන විය යුතුයි. එහෙම සමාන වෙලා සමහරවිට නිදහස් වෙන්නත් පුළුවන් වැරදිකාරය වෙන්නත් පුළුවන්. ඉතිං වැරදිකාරයා වෙන සමහරෙක්ට සමාව ලැබෙනවා… සමහරෙක්ට සමාව ලැබෙන්නේ නෑ.. එහෙමනම් එක රටක් – එක නීතියක් නෑනේ.

    ඒක නිසා අපි එතැනින් තමයි පුර්වාදර්ශ ලබාගන්න අවශ්‍ය වෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව