More

    හවුල් පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි ?

    Must read

    ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ අභ්‍යන්තරයේ හා ඒ ඒ පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා වඩාත් ප්‍රබලව සිදුවෙන පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. ඒ ආණ්ඩුවේ ප්‍රතිචාර මැද තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද එසෙත් නැතිනම් විකල්ප ක්‍රියාවලියකට අවතීර්ණ වන්නේද යන්න ස්ථිරව තීරණය කිරීමටයි.

    මේ අතර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. ගැටළුවලට හේතු වී ඇති කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව එම පක්ෂයද අවධාරණය කරන කාරණයයි. එවැනි පක්ෂයක් සමග සන්ධානගතව සිටීමෙන් පලක් නොමැති බවද එය ජනතාවටද සිදුකරන අසාධාරණයක් බවද තිස්ස විතාරණ මහතාගේ මතයයි.

    ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත් වීමට අදාල යෝජනාව සම්මත කර ගැනීම සදහා පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැදවා ඇතැයිද එය හදිසි තීරණයක් ලෙස ක්‍රියාත්මක කරන බවද විතාරණ මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව