More

    16,000 න් වැටුප් වැඩිවෙයිද ? වෘත්තීය සමිති ඉල්ලීම් පිළිගනියිද ?

    Must read

    රුපියල් 16,000 න් මාසික වැටුප ඉහළ දමන ලෙස කරන ලද ඉල්ලීම නොසලකා හැරීම පිළිබද වෘත්තීය සමිති කණස්සල්ල පලකළා. ‌ඉදිරි දින කිහිපය තුළ හෝ මේ සම්බන්ධයෙන් අවදානය යොමු කර, රාජ්‍ය සේවකයින් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසයි රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙන්නේ.

    මේ වන විට සිව්දෙනෙකුගෙන් යුතු පවුලක මාසික වියදම රුපියල් 58,000 ක් ලෙස ගණනය කර ඇති බවද පෙන්වා දෙන එම සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටින්නේ, භාණ්ඩ මිල ඉහළ යාම වැනි තත්ත්වයන් හමුවේ රාජ්‍ය සේවකයින් බලවත් පීඩාවකට පත්ව සිටින බවයි.

    එබැවින් ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් කාරුණික අවදානය යොමු කරන ලෙසද ඉල්ලා සිටින රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය අවධාරණය කර සිටින්නේ, එම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් නොදන්වා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම ඇතුළු අරගල වෙත යොමු වන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව