More

    රනිල්ට 200 ක දැවැන්ත ආරක්ෂාවක් – නගරාධිපතිවරයෙකුටත් විශේෂ ආරක්ෂාව සපයලා.

    Must read

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රභූ ආරක්ෂකයින් 200 න් සමන්විත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 ට ආසන්න පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට වූ වාර්තා විමර්ශණය කිරීමේදීයී මේ බව අනාවරණ වී තිබෙන්නේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට එතරම් විශාල ආරක්ෂාවක් ලබාදී ඇත්තේ ඇයිද හා එම තීරණයට පදනම වී ඇත්තේ කුමක්ද යන්න පිළිබද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද ප්‍රශ්න කරන තත්ත්වයක් උද්ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්වූ මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති බවත්, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බවත් මේ වන විට අනාවරණ වී ඇති කාරණයයි.

    එමෙන්මඑමෙන්ම නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

    මේ කාරණා සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රශ්න කර ඇති බවටද ඇතැම් මාධ්‍ය ‌කරුණු වාර්තා කර තිබුණා.. හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ඔහු විමසා ඇති කාරණයයි.

    එහිදී මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා උක්ත කාරණා සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පොරොන්දු වූ බවද පාර්ලිමේන්තු වාර්තා සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව