More

    ඉල් මහ විරු සමරුවේදී ජවිපෙ නායකයා දෙවැනි පහන දැල්වූයේ ඇයි ? විශේෂ කරුණක් හෙළි වෙයි. (video)

    Must read

    ඉල් මහ විරු සමරුව ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොරෝනා තත්ත්වය හේතුවෙන් එය චාම් ලෙස සංවිධාන කිරීමටයි පියව‌ර ගෙන තිබුණේ.

    කෙසේ වෙතත් මෙහිදී විරු සමරුව ආරම්භ කරමින් පහන් දැල්වීමේ විශේෂ අවස්ථාවක්ද සංවිධාන කර තිබුණා. එහිදී මුලින්ම පහල් දැල්වීම සිදුකළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතායි. එහෙත් ඔහු එහිදී දල්වන ලද්දේ ‌වම් පස සිට තිබූ දෙවැනි පහණයි.

    එය ‌විශේෂ සංසිද්ධීයක් ලෙස හැදින්වීම හැකි කාරණයක්. අනුර කුමාර දිසානායක මහතාගෙන් පසුව පහන් දැල්වීමට එක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පළමු පහන දැල්වීමත් සමග එහි යම් විශේෂ කාරණයක් පවතින බව අනාවරණ කර ගැනීමට හැකි වුණා.

    අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ නායකයා වුවද එම පෙරමුණේ ජේෂ්ඨත්වයට අනුව ඉදිරියෙන් සිටින්නේ ටිල්වින් සිල්වා මහතායි. ඔහුට නිසි ගෞරවය හා නිසි තැන ලබාදීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙලෙස දෙවැනි පහන දල්වන්නට ඇති බවයි බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව