More

    මං මොනවද කළේ – චන්ද්‍රිකා මුහුණු පොතට ලියයි.

    Must read

    1994 වසරේ සිට 2005 දක්නා කාලය තුළ තම පාලනය යටතේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් රටට අත්කර දුන් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා. ඇය මේ බව සදහන් කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. එම සම්පූර්ණ සටහන පහතින් දැක්වෙයි.

    1994 දී මට භාර ගැනීමට සිදු වූයේ ඉතා සංකීර්ණ අර්බුද රාශියකින් යුත් දේශයකි. යුද්ධයෙන් විපතට පත්වූ, යහපාලනය විනාශ වී තිබූ, දුප්පත්ම, දූෂණය, භීෂණය, සමාජ අසාධාරණත්වය ඉහ වහා ගිය පාලන තන්ත්‍රයකි.සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ආර්ථික සංවර්ධනය ශක්තිමත්ව ගොඩනගමින් මිනිසත්කම රජයන දේශයක් ගොඩනැගීමට වෙහෙසුනෙමි.

    ත්‍රිවිධ හමුදාව භෞතික සහ ගුණාත්මකව ශක්තිමත් කළෙමි. යටිතල පහසුකම් සංවර්ධනය කළෙමි. මගේ වසර 11 ක පාලන කාලය පුරාවට මම අවංක මහජන සේවයක යෙදුණෙමි.

    වසර 27කට පෙර එදා ඔබ මා කෙරිහි තැබූ විශ්වාසයට මම ඔබට මාගේ අවංක ස්තූතිය පිරනමමි.

    පුරා වසර 11ක් පුරාවට රටට හිමිකරදුන් ජයග්‍රහණ

    1994. 2005

    ඒ.පු.ආදායම. රු32315/-. රු104347

    සේවා වියුක්තිය. 12.1%. 8.5%

    විදේශ වත්කම්. $ මි 1972. 3438

    කර්මාන්ත පුර. 4. 10

    සංචාරක ඉපැයුම්. රු බි 11. 42

    අපනයන ඉපැයුම් රු බි 88. 403

    විදුලි සහිත නිවාස 45%. 72%

    දුරකතන ස්ථාවර. මි 1.8. මි 10

    ජංගම දුරකතන 29182. 2211158

    1994 දී ලෝකයේ රටවල් 200න් දුප්පත්ම රටවල් 25 අතර තිබූ රට 2005 වන විට පොහොසත්ම රටවල් 72 අතරට රැගෙන ආවෙමි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව