More

    පැය 12 ක විදුලි කප්පාදුවක් අත ළගයි ?

    Must read

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් පවසනවා. ඔහු මේ බව පැවැසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා,

    අද ඩොලර් නෑ. ඩොලර් විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා. පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ ඒ පෙට්රල් ඩීසල් හැදුවට පස්සේ ඉතුරු වෙන වෙනත් තෙල් වර්ග වලින් හා තවත් බැර තෙල් වලින් දුවනවා. එතකොට ඒ බලාගාර ටික වැහෙනවා. ඒක තමයි ඇත්ත.

    රටේ විදුලිය සැපයුමෙන් 45% ක් පමණ සපයන්නේ පුත්තලම ගල් අඟුරු බලාගාරය විසින්. එතකොට ඒ ගල් අඟුරු ටෙන්ඩර් එකට කිසිම සැපයුම්කරුවෙක් ඇවිල්ල නෑ. ඇයි? විදේශීය බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි භාරගන්නේ නෑ. එල්සී අරින්න බෑ.

    අනිවාර්යයෙන්ම රටේ විදුලි කප්පාදුවක් හා බොරතෙල් හිඟයක් එනවා. ආණ්ඩුව මේ යථාර්තය තේරුම් අරගෙන වහ වහා කඩිනම්ව පියවර ගත යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලය අද ඇමරිකානු සමාගමට විකුණලා. එතකොට මන්නාරමේ ගෑස් තියෙනවා. ඒක හාරනවා කියලා ඛනිජ තෙල් ඇමති කියනවා. හැබැයි ලංකාවට ගෑස් සැපයීම අප්‍රිකාවෙ සමාගමකට බදු දීලා තියෙනවා. ඉතින් මේ වගේ විකාර කතා තමයි අපිට හැමතැනින්ම ඇහෙන්නේ. ඇත්ත කතාව දෙසැම්බරය වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්නම් පිරිපහදුව වැහෙනවා. ඒ එක්කම ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 200 කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා. ගල් අඟුරු ගෙනාවේ නැත්නම්, ලබන දෙසැම්බරයෙන් පස්සේ මේ රටේ විදුලි සැපයුමෙන් 45% ක් නවතිනවා. අඩුම ගානේ පැය 12 ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන්න නියමිතයි. මේ අභියෝගය දැනගෙන කටයුතු කිරීම අතිශය වැදගත් යැයිද චම්පික රණවක මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව