More

    එන්නත් බලය අඩු වෙයි – ඉදිරි සති කිහිපය තීර්ණාත්මකයි – ආසාධිතයින් 8% න් ඉහළට.

    Must read

    එන්නතේ බලය අඩුවී යමින් පැවැතීමත් වැසි සහිත කාලය සෙම තත්ත්වයන් ඉහළ යාමත් යන කාරණා කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරමින් සිය දෛනික කටයුතු පවත්වාගෙන යාමට ජනතාව අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ප්‍රදේශවල කොරෝනා ආසාධිතයින් වාර්තාවීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල එම තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවද ඔහු පැවැසුවා.

    වන්දනා මාන කටයුතු සදහා යාමේදී පවුලේ සාමාජිකයින්ට පමණක් එම ගමන් සීමා කර ගැනීම ඉතා වැදගත්. 100 -200 ආදී ලෙස සමූහ ලෙස එම චාරිකාවල නිරත නොවීම ඉතා වැදගත් බවද ඔහු පැවැසුවා.

    කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ, ඉදිරි සති 5 – 6 ඉතා තීර්ණාත්මක කාලයක් වනු ඇති බවයි.

    මේ අතර ලෝක මට්ටමේ ගණනය කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කොරෝනා ආසාධිතයින් වාර්තා වීම සියයට 8 න් පමණ ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා සෑම රටකම පාහේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බවද එම වාර්තාවල දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව