More

    රොජර් ‌වහාම අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු.

    Must read

    2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි එල්ලවී ඇති චෝදනාවලට අදාල නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රොජර් සෙනවිරත්න, වීරකුමාර දිසානායක හා පියසිරි විජේනායක යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කාළා.

    අදාල පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.. එම අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.

    එම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටිා.

    කෙසේ වෙතත් එම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

    නඩු විභාගය මාර්තු මස 07 වනදා පැවැත්වීමටද නියම වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව