More

    දුමින්ද තනි තීරණයක – නිදහස් පක්ෂය ‌ආණ්ඩුවෙන් ගලවන්න පුළුල් මෙහෙයුමක්.

    Must read

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ඉදිරි මැතිවරණවලට තනි පක්ෂයක් හෝ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනා සම්මත කරමින් දුමින්ද දිසානායක මහතා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පසුගියදා පැවැති අනුරාධපුර ආසන බල මණ්ඩල රැස්වීමේදී යෝජනා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් විය යුතු බවයි.

    පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ‌එම යෝජනාවට දුමින්ද දිසානායක මහතාද එකගතාව පලකර තිබෙනවා. එමෙන්ම ඒ වෙනුවෙන් කැප වන බවටද ඔහු පොරොන්දු වී තිබෙනවා.

    මේ වන විට දුමින්ද දිසානායක මහතා දිවයිනේ සියළුම ආසන් සංවිධායකවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවත්, එම වැඩපිළිවෙල මෙහෙයවීමේ බලය තමන් වෙත ලබාදෙන ලෙස පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඔහු ඉල්ලීමක් කර ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පෑවසුවා.

    ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත ලබාගැනීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන දේශපාලන ක්‍රියාවලියක් වෙත අවතීර්ණ විය යුතු බවටද ඔහු පක්ෂ නායකත්වයට බලකර ඇතැයිද එම ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව