More

    “පොදුජනතාව පෙළන ආණ්ඩුවක්” – බන්දුලගේ පොතකින් ආණ්ඩුවටම ප්‍රහාරයක්.

    Must read

    මමත් උසස් පෙළ කරන කාලේ බන්දුල ගුණවර්ධන මහතාගේ ක්ලාස්වලට ගියා. එදා ඔහු ඉගැන්වූ දේ නෙමෙයි අද කියන්නේ. අද කියන දේ උසස් පෙළට ලිව්වොත් ඉවරයි… යනුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    ඔහු 2015 දී බන්දුල ගුණවර්ධන මහතා විසින් ලියන ලද “ශ්‍රී ලංකා ආර්ථික අපගමනය” නැමැති පොතේ කරුණු කිහිපයක් උපුටා දක්වමින්ද අදහස් පලකළා.

    89 වන පිටුවේ 07 වන පරිච්ඡේදයේ මෙහෙම සටහන් වී තිබෙනවා. රටක සියළුම භාණ්ඩ හා සේවා ඉහළ යන විට මුදලේ ක්‍රය ශක්තිය අඩුවේ. උද්ධමනය ජීවන මට්ටම් පහත වැටීමට හේතු වේ. සෑම රජයකම වගකීම වන්නේ මිල ස්ථායිකරණයයි. කිසියම් ආණ්ඩුවකට එය කළ නොහැක්කේ නම් එවැනි ආණ්ඩුවක් පොදු ජනතාව පෙළන ආණ්ඩුවක් බවට පත්වීම වැලැක්විය නොහැකියි… යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ලියලා තිබෙනවා යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවැසුවා.

    එම අවස්ථාව වන විට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සභා ගැබෙන් පිටව යාමද විශේෂත්වයක්.

    ඇයි යන්නේ ඇමැතිතුමා… මේ ඔබතුමා ලියපු පොතක් මං කියවන්නේ… මේකත් අහලම ගියානම් තමයි හොද… යනුවෙන්ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

    එමෙන්ම බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ලියල තියෙන විදියට මේ ආණ්ඩුව පොදුජනතාව පෙළන ආණ්ඩුවක් යැයිද ඔහු පැවැසුවා.

    කොන්ක්‍රීට් දැමූ පාරවල් උඩඩ කාපට් අතුරන ඇමැතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට සහන නොලැබෙන බවද රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව