More

    මාර්ගෝපදේශ අලුත් වෙයි – විරෝධාවලට ඉඩ වැලකෙයි.

    Must read

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (16) සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. ඇතැම් කාරණාවලට දැඩි සීමා පනවා තිබීම එහි ඇති විශේෂත්වයක්.

    නව රෙගුලාසිවලට අනුව නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව මහජන ඒකරාශී වීම්,රැස්වීම් හා උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික ඒකරාශීවීම්වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට පමණක් අවසර හිමිවන අතර එය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතුයි.

    පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10 ක්. එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

    නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.

    ආගමික ස්ථානවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසර හිමි වන අතර, විශේෂ උත්සව,යාඥා මෙහෙයන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතුයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් යුතුව පවත්වා ගෙන යා හැකියි.

    අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත දේහයන් පිලිබද අවසන් කටයුතු සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 20 ට සීමා කර තිබෙනවා. විවාහ මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකියි. එමෙන්ම එළිමහන් මංගල සාද සඳහා 150 කට සහභාගි විය හැකියි. එහෙත් මත්පැන් භාවිතය සඳහා අවසර හිමි වන්නේ නැහැ.

    නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර ලබාදී ඇති අතර, සිනමා හල් හා රංග ශාලා සියයට 50 ක ධාරිතායෙන් යුතුව පවත්වාගෙන යා හැකියි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව