More

    විජේදාසගෙන් උණ්ඩ වරුෂාවක් – ආණ්ඩුවත්, විපක්ෂයත් ඇතුළු 225 ට සිහි නැති වෙයි.

    Must read

    කොළඹ දිස්ත්‍රික්කයේ 121000 කගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ මට 2021 වසර සදහා විනාඩි 10 ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා යනුවෙන් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද අයවැය විවාදයට එක්වෙමින් අදහස් පලකළා.

    ඔහු පෙන්වා දුන්නේ දෙපාර්ශවයකට බෙදී විපක්ෂයත්, ආණ්ඩුවත් අපි තමයි හොදටම කළේ යැයි කීමට උත්සාහ කරමින් සිටින බවයි. මේක දැන් ජනතාවට එපා වූ දේශපාලන ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයිද ඔහු සදහන් කළා.

    බැනුම් කියන බැනුම් අහන දේශපාලනය තුළ මොනවද රටට ලැබිල තියෙන්නේ… අපේ ණය බර බිලියන 21000 ක්. අදායම් අඩුවෙලා.

    මහානායක හිමිවරුන්ද කාදිනල්තුමන්ද ඇතුළු උස් පහත් සියළු දෙනා උගස්කළ රටකයි අපි ජීවත් වෙන්නේ. මහනායක හාමුදුරුවොත් ලක්ෂ 9 ට උගස් කරලා. කාදිනල්තුමත් එහෙමයි. මේ රටේ සාමාන්‍ය ජනතාවද උගස් කරලා. එක් අයෙකුගේ ණය බර ලක්ෂ 9 යි.

    අපි කරන්නේ වෛරී දේශපාලනයක්. මේ තුළින් පෙනේනේ බලයට ඇති කෑදරකමයි. මහින්ද මහත්තයා ඩොලර් මිලියන 1300 ක් ණය වෙලා හම්බන්තොට වරාය හැදුවා. අද ඒ වරාය කෝ.

    රටට ද්‍රෝහිව සම්පත් විකුණන කිසිවෙකුට හරි යන්නේ නෑ. ඊට හොදම උදාහරණය තමයි එක්සත් ජාතික පක්ෂය. අද එක මන්ත්‍රී ආසනයකට වැටිලා. ඒ තුළින් සියළු දෙනාටම හොද පණිවුඩයක් ලබාදෙනවා.

    ගුවන් යානයක ගිහින් නැති, ගුවන් යානයක් දැකල නැති අයත් අද ගුවන් සේවය පවත්වාගෙන යන්න නොදැනුවත්වම රු.17000 ක් වැය කරනවා. විවිධ ව්‍යාපෘති කරලා ඒවාගේ ලාභය චිනෙට ඇමරිකාවට දෙන රටක් බවට ලංකාව පත්වෙලා. ඉතිං කොහොමද අය වැය පරතරය පියවන්නේ.

    අපේ හත්මුතු පරම්පරාව අල, බතල, මඤ්ඤොක්ක හිටවලා රැකගත්ත මාතෘභූමියේ අගලක්වත් දෙන්න එපා කියලා මං ඉල්ලුවා. ඒත් අද සියල්ල විකිණිලා. පෙනහලු ටික විකිණිලා ඉවරයි. දැන් වකුගඩු ටික දෙන්න තැන් හොයනවා. මහජන නියෝජිතයෝ ඉන්නේ මේවා විකුණන්නද රැකගන්න නෙමෙයිද ?

    පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ රට යැයි කියපු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් යම් කම්පනයක් දැනෙනවා ඇති. අපි ස්වෛරී රාජ්‍යයක්. අපිටත් ඇමරිකාවට තිබෙන බලය තිබෙනවා. ඒත් අද ඉන්න හිතෙන රටක් වෙනුවට දාල යන්න හිතෙන රටක් හැදිල ඉවරයි.

    ඒ නිසා අපි පක්ෂ පාට අමතක කරලා, අගම් ජාති බේද අමතක කරලා රට ගොඩනැගිය යුතුයි. සියලු දෙනා අවබෝධ කරගත යුතු කාරණය වන්නේ අපිට ඉන්නේ එක ලක්මාතාවක් බවයි… යනුවෙන් විජේදාස රාජපක්ෂ මහතා සිය අයවැය කතාව අවසන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව