More

    දිනකට දෙවරක් – දින පහක් – කොරෝනා කරළ ගැන ඔබත් දැනුම්වත්ද ?

    Must read

    කොවිඩ් පාලනය වෙනුවෙන් හඳුන්වා දී ඇති ඖෂධ කරල් කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසුවා. එම ඖෂධය මෙරට භාවිතය සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදුන් බවයි ඊයේ නිවේදනය කළේ.

    එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු ඒවා මෙරටට ගෙන්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දුන්නේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා පැවැසුවේ මෙම කරළ භාවිතයෙන් රෝග උත්සන්න වීම, රෝහල්ගත වීම සහ මියයාම වැනි තත්ත්වයන් 50% න් අඩු කරගත හැකි බවයි.

    දිනකට දෙවරක් බැගින් දින පහක් පුරාවට මෙම කරළ භාවිතයට ගත යුතුයි. එමෙන්ම ඒවා භාවිතා කළ යුතු වන්නේ, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් පමණයි.

    මේ අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම ඖෂධය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි. එහෙත් බොහෝ රටවල් විසින් එය කොරෝනා පාලනය වෙනුවෙන් මේ වන විටත් භාවිතයට ගන්නා බව ඇතැම් වාර්තාවල දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව