More

    සජිත් රටටම තෑගි බෙදයි – විපක්ෂ නායකකම නැති වෙන බවටත් අනාවැකි.

    Must read

    අමාරුවෙන් පාලනය කළ කොරෝනා රැල්ල නැවත රට වටේ පතුරුවා හැරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවැසුවා.

    ඔහු පෙන්වා දෙන්නේ මිනිස්සු පාරට බස්සවා සිදුකළ මෙම ක්‍රියාව වීරත්වයට හේතුවක් නොවන බවයි. එය අභීමානයටද හේතුවක් නොවෙයි. එය ලැජ්ජාවට කාරණයක් බවයි ජයසුමන මහතා පැවැසුවේ.

    අගෝස්තු මාසයේ ඇති වූ තත්ත්වය නැවත නොවැම්බර් අවසන් සති‌යේ ඇතිකර ගත යුතු නැතැයිද විපක්ෂයද රට ගැන සිතා කටයුතු කිරීම වැදගත් බවද ඇමැතිවරයා පැවැසුවා. මේ වගේ තත්ත්වයක අප විපක්ෂයේ සිටියේ නම් මෙවැනි ආකාරයට මිනිස්සු පාරට බැස්සවීමට කටයුතු නොකරන බවද ඔහු අවධාරණය කළා.

    එමෙන්ම මෙවැනි විරෝධතා කිහිපයක් සංවිධානය කළහොත් ඇතැම් විට සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකමද නැති වී යාමට ඉඩ ඇතැයිද ඔහු පැවැසුවා.

    අයවැය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් විකල්ප අයවැයක් ඉදිරිපත් කරමින්, ගැටළුවලට විසදුම් ඉදිරිපත් කිරීමේ වගකීමක් විපක්ෂයටද පවතින බව පැවැසූ ජයසුමන මහතා පෙන්වා දුන්නේ මේ මොහොතේ පාරට බැස ආණ්ඩු බලය ඉල්ලා සිටීම පලදායී ක්‍රියාවක් නොවන බවයි.

    රට හමුවේ පවතින ගැටළු මාස කිහිපයක් තුළ නිරාකරණය කරන බවද අවධාරණය කළ රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ කොතරම් ඉල්ලුවත් ආණ්ඩු බලය ලබාදීමට ද සූදානම් නොමැති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව