More

    විපක්ෂයේ විරෝධතාවට බෝම්බ බියක් ඇති කිරීමේ සිද්ධියේ තොරතුරු සියල්ල හෙළි වෙයි.

    Must read

    කොළඹ පැවැත්වූ විරෝධතා රැළියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් ලිපියක් විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට දමා ගිය පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් කුරුඳුවත්ත පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දීයී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්දමානසික අයෙකු බවද පොලිසිය පැවැසුවා.

    “නොවැම්බර් මස 9වන දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරීයා විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විපක්ෂ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් කොළ කැබැල්ලක යමක් ලියා එහි දොරටුවේ සිටි පුද්ගලයෙකුට ලබාදී පිටව ගොස් තිබෙන බවත්, නොවැම්බර් මස 16 කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බව එහි සඳහන්ව තිබු බවත් එම පැමිණිල්ලේ දැක්වුණා. ඒ පිළිබඳ තොරතුර යම්කිසි බස්රථයකින් ලබාගත හැකි බවත් එම ලියවිල්ලේ සහන්ව තිබු බවද පොලිස් පැමිණිල්ලේ දැක්වුණා.

    කොළඹ අපරාධ කොට්ඨසය යටතේ මේ පිළිබද විමර්ශණ සිදුකෙරුණු අතර, අනතුරුව එම කොළ කැබැල්ල රැගෙනවිත් භාර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව