More

    පනාමුරේ පොලිසිය ජනතාව විසින් වටලයි.

    Must read

    පනාමුරේ පොලිස් සිරමැදිරියේ දී තරුණයෙකු මියයෑමේ සිදුවීමකට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය අවට රැස්වී සිටිනවා. අප වාර්තාකරු පැවැසුවේ පොලිසිය ජනතාව විසින් වටකර ඇති බවයි. පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි  තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරී වී ඇති අතර, අද පෙරවරුවේ පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කරමින් සිටිනවා.

    මේ අතර පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන්ද සංවාදයක් ඇති වුණා. විපක්ෂය පැවැසුවේ ඊයේ පැවති තම පක්ෂයේ විරෝධතාවයට එක්වු තරුණයෙකුට පහරදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය පැවැසුවේ අහඹු මරණයක් පවා දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව