More

    හරීන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලියයි.

    Must read

    හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම සිය ඉල්ලා අස්වීමට හේතු සහිත ලිපියක්ද මේ වන විට සම්පාදනය කර ඇති බවටද තොරතුරු වාර්තා වුණා.

    සිරගතව සිටින රංජන් රාමනායක මහතාට පූර්ණ නිදහසක් ලබාදීමේ සූදානම හමුවේ ඔහු මෙම තීරණය ගොන ඇති අතර, ඔහු නිදහස් වූ වහාම තමාගේ ඉල්ලා අස්වීම බාරදෙන බවටද පවසා තිබෙනවා. තමන්ට දේශපාලනය කිරීමට මන්ත්‍රීධූරයක් අවශ්‍ය නැතැයිද එහෙන් රංජන් වැනි කෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇති කාරණයයි.

    එමෙන්ම තමන් පාර්ලිමේන්තුවෙන් බැහැරව සිට පූර්ණ කාලීනය සමගි ජනබලවේගය සමග දේශපාලනය කරන බවද, රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගෙන පාර්ලිමේන්තුව තුළ ශක්තිමක් ක්‍රියාකාරීත්වයක් සදහා ඉඩ කඩ වෙන් කිරීමට අවසර ලබාදෙන ලෙසද ඔහු සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව