More

    යහපාලනේ යොවුන් පුරේ – මිලියන 350 ක් ගිල දමයි – ප්‍රතිලාභයක් නැති බවත් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

    Must read

    යහපාලන රජය සමයේ ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කළ යොවුන් පුරය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 350 ක් වැනි අතිවිශාල මුදලක් වැය කර ඇති බවත්, එතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කර ඇත්තේ කෙසේදැයි තමන්ටද බලවත් ගැටළුවක් වන බවත් කෝප් කමිටුවේ සභාපති චරිත රත්වත්තේ මහතා පැවැසුවා. 2016,2017 සහ 2018 යන වසරවලදී මෙවැනි අතිවිශාල මුදලක් වැය කර ඇතැයිද ඒ වෙනුවෙන් තවත් රුපිලයල් මිලියන 80 ක් පමණ අමතරව වැය කර ඇතැයිද ‌කෝප් කමිටුවේදී අනාවරණ වුණා.

    මේ අතර ජෙනරේටර් වැනි සේවා සදහා වන ගෙවීම් මේ දක්වාම පියවා නැතැයිද අනාවරණ වී තිබෙනවා. එම කාලයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එරංග වැලිඅංගේ මහතායි. ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉවත්ව ගොස් තිබෙනවා. ඔහු මේ වන විට කටයුතු කරන්නේ සමගි ජනබලවේගයේ හෝමාගම සංවිධායකවරයා ලෙසයි.

    කෙසේ වෙතත් කෝප් කමිටුවේදී විමසීමට ලක්ව ඇත්තේ මෙතරම් මුදලක් වැයකර රටට හා තාරුණ්‍යයට ලැබුණු ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබදයි.

    මෙහිදී තරුණ කටයුතු පිළිබද අමාත්‍යංශයේ ප්‍රධානීන් ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක්ද සිදුකෙරෙමින් පවතින බවයි. එමෙන්ම කෝප් කමිටුවේ සභාපති චරිත රත්වත්තේ මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ, මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් සිදුකර එම වාර්තා ‌ඉතා කඩිනමින් කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව