More

    චන්න කියන්නේ බොරු – එහෙම ‌කරළකට අනුමැතියක් ලැබී නැහැ.

    Must read

    බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මොල්නපිරවීර් නැමැති කොරෝනා මර්ධන කරලට මෙරට කොරෝනා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. කොරෝනා මර්ධනය හා වසංගත රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිදුකල ප්‍රකාශයකින් අනතුරුවයි මේ බව හෙළි වුණේ.

    ඇමැතිවරිය කියා සිටියේ මොල්නපිරවීර් නැමැති කොරෝනා මර්ධන කරලට දැනට කිසිදු කමිටුවකින් අනුමැතිය ලැබී නොමැති බවයි. කිසියම් ඖෂධයක් මෙරට භාවිතයට නම්,  කොරෝනා තාක්ෂණික කමිටුවේ මෙන්ම ජාතික ඖෂධ අධිකාරියේද අනුමැතිය හිමිවිය යුතු බව ඇය පෙන්වා දෙන කාරණයයි.

    බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඖෂධ කරළට මේ දක්වා ඒ කිසිදු කමිටුවකින් අනුමැතියක් මේ දක්වා ලැබී නොමැති බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව