More

    ලබන සතියෙන් පසු තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක්.

    Must read

    රටතුළ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට ඉදිරි දිනවලදි විසඳුම් ලබාදන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ, ඒ සඳහා ආණ්ඩුව නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවි.

    බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා මෙරට ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන “පැල්ක්සි කෙයාර්” පුද්ගලික සමාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව පවසා තිබුණා.

    වැඩිදුරටත් අදහස් දැක්වු මුදල් අමාත්‍යවරයා,

    “අපිට මේ අවස්ථාවේ දී ගැටලුවක් වී තිබෙන විදේශ විනිමය ඉපැයිමේ ප්‍රධාන ආයතනයක් බවට මෙය පත්වෙනවා. මොකද මේ වෛද්‍ය උපකරණ බොහෝමයක් සියයට 90ක් පමණ අපනයනය සඳහා නිෂ්පාදනය කරන ඒවා විශාල විදේශ විනිමයක් අපිට උපයා දෙනවා. තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් යම් ආකාරයකට උදව් වෙනවා. මේ මාසයේ 25 වනදා තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතනයක් මේ රටේ ආරම්භ කරනවා. ඔවුන්ගේ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකීක තරුණයින් 2,000කට ක්ෂණිකව රැකියා සැපයීමට හැකියාව තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ අවස්ථාවේ දී මුහුණපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ඉදිරි කාලයේ දී ඉතාම සාධනීය විසඳුමක් දෙන්න.”

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව