More

    හෙක්ටයාර 50,000 කට අනුරාධපුරෙන් කොම්පෝස්ට්.

    Must read

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුුුණා.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන අතර, ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදාගැනෙනවා. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අපේක්ෂාවයි.

    අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙන බවත්, අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරන බවත් ‌අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවැසුවා.

    මෙම කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැකිිියි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව