More

    10,000/- ක වැටුප් වැඩිවීමක් ?

    Must read

    රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් යම් අවදානයක් රජය විසින් යොමුකරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් එය කුමන ප්‍රමාණයකින්ද යන්න මේ දක්වා තහවුරු කර නැහැ. රජයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සිදුකර ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඒ කෙරෙහි යම් අවදානයක් යොමුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මේ අතර වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ අයවැය යෝජනා සංශෝධනය කර, වහාම රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 න් ඉහළ දැමිය යුතු බවයි.

    ඒ සම්බන්ධයෙන් අවදානය යොමු නොකරන්නේ නම්, ලබන ජනවාරි මාසයේ සිට දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බවද එය රජයට එරෙහි දැවැන්ත ක්‍රියාවලියක් බවට පත්කරන බවටද වෘත්තීය සමිති නායකයින් අනතුරු අගවා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව