More

    නත්තලට රට වහයි – පාසල් ගැනත් සාකච්ඡා ?

    Must read

    නත්තල් උත්සව සමයේ රට වසා දැමීමට හෝ සුදුසු සීමා පැනවීමක් වෙත අවතීර්ණ වන්නැයි රජයට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ මේ ආකාරයෙන්ම උත්සව සමය තුළ ජනතාව හැසිරුණොත් රටතුළ වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ ලකුණු මතුවෙමින් තිබෙන බවයි.

    ඇතැම් පිරිස් මේ වන විටත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දී ඇති කාරණයයි. ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බැවින් ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? යන්න තීරණය කළ යුතු බවද එවැනි තත්ත්වයකට ඉඩ කඩ සපයන්නේදැයි ජනතාවද කල්පනා කළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසුවා.

    “සතිඅන්තය ගතකිරීම සඳහා ජනතාා සමූහ ලෙස විවිධ ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා. මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා සදහා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා. වැව් ආශ්‍රිතව හා ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරන පිරිස් ගැන වැඩිදුර වාර්තා වෙනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා. ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න”යනුවෙන් ද උපුල් රෝහණ මහතා දැනුම්වත් කිරීමක් සිදුකළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව