More

    යොහානි පාර්ලිමේන්තුවට

    Must read

    “මැණිකේ මගේ හිතේ” ගීතය සමග ලෝකය පුරා ජනප්‍රිය වූ යොහානි ද සිල්වා ගායන ශිල්පිනිය ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි. ඒ ඇය වෙනුවෙන් පැවැත්වෙන උපහාර උත්සවයකට සහභාගීවීමට ආරාධනා ලැබී තිබීම හේතුවෙන්.

    අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම උපහාර උත්සවය සංවිධාන කර තිබෙනවා.

    යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවීමට නියමිතයි. අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත බවත්, සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පැවැසුවා.

    ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන ගොස් උපහාර පිදීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව