More

    කොළඹ කොරෝනා අවදානම හීන වෙයි – රට වට අවදානම ඉහළට – අලුත් ප්‍රබේදයකුත් හමුවෙයි.

    Must read

    දකුණු පළාතෙන් නව කොරෝනා ප්‍රබේදයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේ මේ දක්වා සිදුකළ පර්යේෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම නව කොරෝනා ප්‍රබේදය සොයා ගැනීමට හැකි වූ බවයි.

    B/1/617/2/104 ලෙස එම ප්‍රබේදය නම්කර තිබෙනවා. කෙ‌සේ වෙතත් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බවද ඔහු පැවැසුවා.

    ‌මේ අතර මේ වන විට ‌කොළඹින් වාර්තාවන කොරෝනා ආසාධීතයින් ගණන කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තාවන ආසාධිතයින් ගණන දිවයිනෙන් වාර්තාවන සමස්ථ ආසාධිතයින්ගෙන් 01% ක් වැනි අවම මට්ටමක පවතින බවයි. එසේ වුවද ‌දිවයිනේ සෙසු ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ යම් ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම ආසාධිතයින් යම් තරමක් වාර්තා වුවද එම අගය රට වසා දැමීමට තරම් වූ බලපෑමක් නොවන බවද එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගත යුතු අනිවාර්ය ක්‍රියාමාර්ග අනුගනමය කිරීම ඉතා වැදගත් බවද පැවැසූ ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් ජනතාව වෙත පැවැරෙන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව